~අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක~


                  
අම්මා නැගිට්ටට තව නිදි නැගෙනහිර
බත් පත උයා කුකුළා අඩලනට පෙර
මල්ලක කජු පොල්ල කටුවද සිලි කවර
යන්නේ අලුත් අරගෙන වැඩපලට දුර
  
සිලි සිලි කවර ඉරලා අත ඇඟිලි බැඳ
පොරවා දෙදන පහළට බැංකුවක හිඳ
ගල මත විසුරුවා අලු කජු තලන සඳ
විස කිරි මුහුණ සිඹිනට උඩ පනිනවද
  
තැලුවේ කජු උනත් හිත නිතරම තැලිනි
ඉඳ හිට ලෙලි සමඟ මද කටුවට ඇමිණි
කැඩුවා කියා අම්මට බැන ඒ බැමිණි
දුන්නේ පඩිය රුපියල් සියයක් පමණි
  
කජු මාළුවට උරුමය නැති ලිපක් තුළ
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව කළ
උයලා බත් පතක් සහ මැල්ලුමක් කොළ
කිරි තැවරුණු අතින් කැව්වා ඉනුණි කෙළ
  
පොල් අතු සෙවිලි යාලත්තේ මැටි පැලක
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
බත් පත සැදූ දුප්පත් පොඩි පැල්පතක
පින් බිම මෙයයි එය මට විතරද මතක
 


13 comments:

Unknown said...

ජිවන කටුකත්වය....
ලස්සන නිර්මාණයක් යාලුවේ ...

නිහඬ ලෝකය said...

තැන්ක්යූ පුංචි පැංචි

Unknown said...

කජු මාළුවට උරුමය නැති ලිපක් තුළ
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව කළ
උයලා බත් පතක් සහ මැල්ලුමක් කොළ
කිරි තැවරුණු අතින් කැව්වා ඉනුණි කෙළ

මේ කවියට මාරම එකක් වෙනෝ හිතට..ලස්සනයි අයියෙ..ජය වේවා !!!

නිහඬ ලෝකය said...

තැන්ක්ස් ආදරයේ කුමාරයා :D

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

Maru drogo wo.. <3

බට්ටා said...

ටෙම්ප්ලේට් එක මාර ලස්සනයි බං.. ඒත් ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවද මන්ද.. මගේ කනෙක්සම අවුල් නිසාද දන්නෑ..
…හරි
…කවි විතරක්ම ලියන්නැතුව තව දේවල් වලටත් ට්‍රයි එකක් දෙන්න පුලුවන්නම් තමා වැඩිය හොඳ ^_^

නිහඬ ලෝකය said...

තව දේවල් ඉස්සරහට අරන් එන්න තමා හිතන් ඉන්නේ බට්ටෝ
එල එල තැන්ක්ස් ඇ

නිහඬ ලෝකය said...

එල එල ඇ විලි

හිමාලී අනුරුද්ධිකා දිසානායක said...

අම්මාවරුන්ගේ කතාව...
ඊයේ, අද වගේම හෙටත් මෙහෙමම වෙයි. මේ කවි පෙල නම් බොහෝම සංවේදී වුණා. අගෙයි.

නිහඬ ලෝකය said...

තැන්ක්ස් අසෙනි :) :)

Unknown said...

ප්‍රේමකීර්තිගෙ සහෝදරයෙක් උබ

Unknown said...

ප්‍රේමකීර්තිගෙ සහෝදරයෙක් උබ

Post a Comment

Newer Post Older Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments