~~සුනාමිය~~

                               


ගී සර දිදී වෙනදා එන වෙරළ













සොයා
සාගර ජලය ඈතින් ඈතටම ගියා
මේ වරයක්ය ,දෙවි දුන් ,නත්තලට කියා
ධීවර සෙනඟ සිතිජය අල්ලන්ට ගියා
  
අපරදිගින් විත් සුදු අය කරන දගේ
මධුර පාන ගෙන සමහරු පාන රගේ
සයුර ගෙන ගියා,දැන් දොම්නසය නැගේ
කවර අයද දැන සිටියේ, දවසෙ වගේ
  
නිසසල සයුර වෙත එක්කල නිසා විස
දළ රළ පෙළකි වෙනදා නැති පුදුම උස
බලතල වැඩි කරන් ඇවිදින් රකුසු ලෙස
සුල මුල සොයනු බැරි සේ පෙරලුවා වෙස
  
ලෑලි ගෙවල බිත්තිද වහලයද කඩා
පේළි පේළි ජීවිත කරමතට වඩා
පීලි අඹරවා ගෙන දුම්රියද කුඩා
සෝලි කළා සාගරයක්, නොමැති විඩා
  
වෙරළෙහි කිලිටි සෝදන්නට ආපු මෙනි
පෙරළෙයි මුහුද ඒ මේ අත උමතුවෙනි
මනසෙහි කසල සෝදනු බැහැ සයුර දනි
“මිනියෙහි ඇඟිලි කපලා රන් මුදුව ගනි”
  
වෙනදා වෙරළෙ මින් රළ පෝලිමට නිදි
හැරදා හුස්ම අද ධීවර සෙනඟ ඉදි
පරදා කැලෑ නීතියෙ දුක සැවොම විදි
නිරිඳා සමඟ යදියත් එක වලට වදි
  
සිටු මාලිගා සහ පැල්පත් වෙරළ දිග
නටුවෙන් ගිලිහි මල් සේ පාවෙනා රඟ
පටු අදහස් ඇතිව ඇති නැති බේද ළඟ
ඉටු වෙන දෙයක් කෝ ?තේරෙනවාද වග
  
සොබා දහම අපගේ අංගයක් කියා
ඔබා ඇඟිලි එය වෙනසක් කරනු ගියා
හබා ඇවිත් දළ රළ පෙළ කඳුළ තියා
"සොබා දහමෙ දරුවෝ ඔබ" කියගියා
  

posted under | 2 Comments

~~මව සහ මහණ පුතු~~

                       
   
සුදු රෙද්දකින් සැරසී,පුතු වසන තම
පන්සල වෙතට අවුදින් වී පිනට පෙම
අල්ලා ඉදල් මිට දරදඩු අතට සම
බෝ පත් අතු ගගා පොල් අතු වනයි බිම
  
අම්මා ඇමදු සුදු වැලි ඇති ඒ පාර
සක්මන් කළා පොඩි නම බොහො බොහො වාර
"අම්මේ" කියා දී ඇගෙ කන වෙත මීර
දැම්මා මවගෙ පින් පැලයට හිමි පෝර
  
මහණ පුතු:

අම්මා හරිම මහලුයි වැඩපල


බැරිය
ඉන්නේ ඔහොම,හින්දා හිත තුල විරිය
එන්නම් ,වෙලා හීරළු, අරගෙන බිරිය
දෙන්නෙද අවසරය කරනට ඔබෙහරිය
  
මව්:

බුදු හිමි මලසුනට පරමල් වැඩල


වෙද
මන්දාරමට හසු වූවද සරා සඳ
නිවිලද පහන් හමලා සැඩ සුලන් වැද
පුතුගේ හදෙහි කෙලෙසුන් රජ වෙලා අද
  
පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ ඉකි
කන කැස්බෑව විය සිදුරෙන් අහස දැකි
සිවුරට පුදපු දා, කැස්බෑ රංචු එකි
දාහක් විතර සිදුරෙන් සක්වලම දැකි
  
සතර වරිගයක් නිවනට ගන්ට කියා
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ ගියා
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු තියා
නිවන් යන්න අපි එන්නම් ඔබවසොයා
  
ගෙදර අත්තිවාරමෙ සවියක් නැත්තේ
පුතුගෙ කුටියටයි එය හොඳහැටිඇත්තේ
කවුද කෙලෙස් ඇම දී පුතු බා ගත්තේ
මරුවො දුවන් නොසිටා පන්සල වත්තේ
  
මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්න පැති
පෙර බවයන්හි දුව නැගණිය වෙලත්ඇති
සසරේ හැටිය හදුනාගමු සියලු පැති
උන්නා ඇතිය නවතිමු දැන් හොඳට හැති
  
මහණ පුතු:

අම්ම මට වඩා බණ දන්නව


වාගේ
දැන් තේරිණි නොදැකපු මෝහය මාගේ
පිණ්ඩපාතෙ යමි මම බුදු හිමි වාගේ
ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬු බාගේ
  

posted under | 2 Comments

~~සොහොන~~



                
කාක බෝධියෙ' පත් සුළං වැද වයයි මළ බෙර තුන් යමේ
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලා බිමේ
පාරෙ සුදු වැලි, දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැත නිමේ
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත් ගමේ
  
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුව පතා
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනු සතා
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත් නැතා
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතු පුතා
  
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුල ගොළු වුණේ
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේ ඇල වුණේ
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහි වැලලුණේ
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයම පැමිණුනේ
  
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත් කයේ
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිව රැයේ
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බවගැයේ
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසක මියේ
  
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින් සැතපුණා
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩ නැති උණා
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකට කොටු උණා
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑ විසදුණා
  

Newer Posts Older Posts Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments