~~සොහොන~~



                
කාක බෝධියෙ' පත් සුළං වැද වයයි මළ බෙර තුන් යමේ
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලා බිමේ
පාරෙ සුදු වැලි, දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැත නිමේ
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත් ගමේ
  
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුව පතා
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනු සතා
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත් නැතා
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතු පුතා
  
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුල ගොළු වුණේ
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේ ඇල වුණේ
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහි වැලලුණේ
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයම පැමිණුනේ
  
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත් කයේ
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිව රැයේ
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බවගැයේ
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසක මියේ
  
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින් සැතපුණා
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩ නැති උණා
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකට කොටු උණා
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑ විසදුණා
  

0 comments:

Post a Comment

Newer Post Older Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments