~අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක~


                  
අම්මා නැගිට්ටට තව නිදි නැගෙනහිර
බත් පත උයා කුකුළා අඩලනට පෙර
මල්ලක කජු පොල්ල කටුවද සිලි කවර
යන්නේ අලුත් අරගෙන වැඩපලට දුර
  
සිලි සිලි කවර ඉරලා අත ඇඟිලි බැඳ
පොරවා දෙදන පහළට බැංකුවක හිඳ
ගල මත විසුරුවා අලු කජු තලන සඳ
විස කිරි මුහුණ සිඹිනට උඩ පනිනවද
  
තැලුවේ කජු උනත් හිත නිතරම තැලිනි
ඉඳ හිට ලෙලි සමඟ මද කටුවට ඇමිණි
කැඩුවා කියා අම්මට බැන ඒ බැමිණි
දුන්නේ පඩිය රුපියල් සියයක් පමණි
  
කජු මාළුවට උරුමය නැති ලිපක් තුළ
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව කළ
උයලා බත් පතක් සහ මැල්ලුමක් කොළ
කිරි තැවරුණු අතින් කැව්වා ඉනුණි කෙළ
  
පොල් අතු සෙවිලි යාලත්තේ මැටි පැලක
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
බත් පත සැදූ දුප්පත් පොඩි පැල්පතක
පින් බිම මෙයයි එය මට විතරද මතක
 


~~දුවන මුවන්~~

                                       
මායිම් කොයිද අහසින් වට වෙලානිති
ඒ මුඩු කතර වැලි පමණය කිසිත්නැති
රෑ හිම, දවල් ගිනි පුලිගුය බිමෙහිඇති
නෑ වැහි වලාවක් වත් මෙහි පෙනෙනපැති
  
පිහිටයි කෙම් බිමක් පසෙකින් දියපිරුණු
මග අද ඇරී ඇත ඒ දෙසටමහැරුණු
දූවිලි පටල වැසුවොත් දොරටුවඇරුණු
යළි එහි පහස විදිනට කලකටනුහුණු
  
නිරතුරු මුවෝ දිව යති හැල්මේකතර
කොතැනක ඇරබුවද තරගය පයසතර
දන්නා එක මුවෙකුවත් කෝ මේඅතර
හති වැටුනාට එක සතෙකුත් නැතවැතිර
  
දහවල පිළිස්සෙන සම ගිනියම්අව්ව
රෑ යම සීත ගිම මදකටවත්නිව්ව
නැත නැවතුමක් මුවනට සැමවිටදිව්ව
වැලි කැට සමය කදුලැලි කතරමබිව්ව
  
වැඩි වී පිපාසය සිදිලා ලේනහර
මුව රැළ සොයති කොයිදැයි දියවරකතර
ළඟ ළඟ මවයි දිය කඳ මිරිගුවනිතර
ලොබ බැද දුවති එය පසුපස නොවනතර
  
කුර ගෙවුනාට කම් නැත දියවරඅන්න
සැමටම පළමු දුවලා මිරිගුවබොන්න
අන් ඇති මුවන් කොලහල අරඹාමෙන්න
මුග රැළ වග වලස් රෑනක් වීවැන්න
  
අතැඹුල ලෙසින් මුව පිරිසක්අතරමඟ
වැටහී මිරිඟුවක දියවරනොමැති වග
නුවණැති ඇසට පෙනිලා කෙම්බිමට මඟ
පියමන් කරති හෙමිහිට නැතකිසිම දඟ
  
"අත ළඟ පෙනෙන දියවර අතහැරදමන
කෙම් බිම කියා මායාවක් මෙහිසොයන"
අන් ඇති මුවෝ සිනහෙති ගෙන මෙමකරුණ
ඇත්තක් කියා මිරිඟුව වෙත තවදුවන
  
නතරව මුවන් සුළු පිරිසක්දෙමන්සල
ළතවෙයි කොයිබදද නිවැරදි ගිමන්හල
හරි මඟ ගිහින් මඟකදි එයඅතින් හල
තව පිරිසකුත් මිරිඟුවටමගමන් කල
  
පින ඇති මුවෝ කෙම් බිම වෙතසපැමිණෙති
දියවර සපිරි පොකුණෙහි බැසදිය කෙළිති
පවසම නිවා ගෙන පොකුණෙන්ගොඩට එති
ගමනට තිත තබා සැනසිලිසුව විදිති
  
යාලුවනේ මම දකින විදියට සංසාරය සත්වයා සහ නිවන යන කාරණා ගැන කියන්නයි ඕනේ උනේ..කොපමණ දුරට සාර්ථකද කියල ඔයාල කමෙන්ට් කරන්න හොඳේ...



~ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා පුතේ~

               
ඉන්න බැහැ කියා අතු සතරේ බිලිං ගසේ
යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනා ඇසේ
කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල් රසේ
එන්න නම් එපා දිරු බෙනයට පැතුම් නැසේ
  
ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරා කුලේ
ඔලු නමා එපා ඉන්නට දොඩවනා රැලේ
තලු මරා උඹත් කාපන් ඒ බිලින් පලේ
දළු ලලා වැඩෙන තුරකට යමු අපිත් කැලේ
  
අතු මතින් ඉහල අත්තට යන රටා බලා
සිතු ලෙසින් බැයිද යන්නට කිමැයි නැවතිලා
රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ පළඳලා
පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව තනිකලා
  
වටු සියොත් රඟන රන්වන් කරල් බර කෙතේ
අටු පිටින් පුරා ගන්නට අපෙත් හිත ඇතේ
තටු සලන්න බැහැ සවියක් නැහැ පියාපතේ
ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා පුතේ
 


~~~~~බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ~~~~~

                   
කුසේ හුලං රෝදෙට පුරවන්නේ
පිය තුම අද උදයෙත් බඩ ගින්නේ
පවුලේ මුළු බර පැදියට දෙන්නේ
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ
  
වලෙහි ගොඩෙහි රෝදය කැරකෙන්නේ
සමබර ලෙස යයි සමතල තැන්නේ
කඳු නැගලා පල්ලම්ද බහින්නේ
ජීවන රෝදෙද මෙලෙස බැමෙන්නේ
  
හති දමමින් පැඩලය පාගන්නේ
ඒ හුස්මයි අප හට පණ දෙන්නේ
දහදිය කැට සුළඟේ පාවෙන්නේ
ඒ සුවදින් බත් ඇට රස වෙන්නේ
  
දිය කපනා ලෙස හුලං කපන්නේ
රතු ඉර පැඩලයෙ වේගෙ හදන්නේ
හැඩලයෙ බැදි පඩුරේ බලයෙන්නේ
නිවසට එන තුරු දෙවි රැක දෙන්නේ
  
මසකට දවසයි හිරු පායන්නේ
පඩි දින එන තුරු ඇඟිලි ගනින්නේ
පොඩි බඩු මල්ලක් හැඩලයෙ ඉන්නේ
ටොෆී දෙකක් මට නෑ වරදින්නේ
  






Newer Posts Home

බලපු ගණන...

Powered by Blogger.

ඊ මේලයෙන් ෆලෝ කරන්න මෙතනින්

ජනප්‍රිය ලිපි.....

There was an error in this gadget
මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments