~~මව සහ මහණ පුතු~~

                       
   
සුදු රෙද්දකින් සැරසී,පුතු වසන තම
පන්සල වෙතට අවුදින් වී පිනට පෙම
අල්ලා ඉදල් මිට දරදඩු අතට සම
බෝ පත් අතු ගගා පොල් අතු වනයි බිම
  
අම්මා ඇමදු සුදු වැලි ඇති ඒ පාර
සක්මන් කළා පොඩි නම බොහො බොහො වාර
"අම්මේ" කියා දී ඇගෙ කන වෙත මීර
දැම්මා මවගෙ පින් පැලයට හිමි පෝර
  
මහණ පුතු:

අම්මා හරිම මහලුයි වැඩපල


බැරිය
ඉන්නේ ඔහොම,හින්දා හිත තුල විරිය
එන්නම් ,වෙලා හීරළු, අරගෙන බිරිය
දෙන්නෙද අවසරය කරනට ඔබෙහරිය
  
මව්:

බුදු හිමි මලසුනට පරමල් වැඩල


වෙද
මන්දාරමට හසු වූවද සරා සඳ
නිවිලද පහන් හමලා සැඩ සුලන් වැද
පුතුගේ හදෙහි කෙලෙසුන් රජ වෙලා අද
  
පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ ඉකි
කන කැස්බෑව විය සිදුරෙන් අහස දැකි
සිවුරට පුදපු දා, කැස්බෑ රංචු එකි
දාහක් විතර සිදුරෙන් සක්වලම දැකි
  
සතර වරිගයක් නිවනට ගන්ට කියා
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ ගියා
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු තියා
නිවන් යන්න අපි එන්නම් ඔබවසොයා
  
ගෙදර අත්තිවාරමෙ සවියක් නැත්තේ
පුතුගෙ කුටියටයි එය හොඳහැටිඇත්තේ
කවුද කෙලෙස් ඇම දී පුතු බා ගත්තේ
මරුවො දුවන් නොසිටා පන්සල වත්තේ
  
මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්න පැති
පෙර බවයන්හි දුව නැගණිය වෙලත්ඇති
සසරේ හැටිය හදුනාගමු සියලු පැති
උන්නා ඇතිය නවතිමු දැන් හොඳට හැති
  
මහණ පුතු:

අම්ම මට වඩා බණ දන්නව


වාගේ
දැන් තේරිණි නොදැකපු මෝහය මාගේ
පිණ්ඩපාතෙ යමි මම බුදු හිමි වාගේ
ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬු බාගේ
  

posted under |

2 comments:

Unknown said...

සතර වරිගයක් නිවනට ගන්ට කියා
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ ගියා
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු තියා
නිවන් යන්න අපි එන්නම් ඔබව සොයා....(Y) (Y)

Unknown said...

නියම අදහස්

Post a Comment

Newer Post Older Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments