~~~~~බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ~~~~~

                   
කුසේ හුලං රෝදෙට පුරවන්නේ
පිය තුම අද උදයෙත් බඩ ගින්නේ
පවුලේ මුළු බර පැදියට දෙන්නේ
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ
  
වලෙහි ගොඩෙහි රෝදය කැරකෙන්නේ
සමබර ලෙස යයි සමතල තැන්නේ
කඳු නැගලා පල්ලම්ද බහින්නේ
ජීවන රෝදෙද මෙලෙස බැමෙන්නේ
  
හති දමමින් පැඩලය පාගන්නේ
ඒ හුස්මයි අප හට පණ දෙන්නේ
දහදිය කැට සුළඟේ පාවෙන්නේ
ඒ සුවදින් බත් ඇට රස වෙන්නේ
  
දිය කපනා ලෙස හුලං කපන්නේ
රතු ඉර පැඩලයෙ වේගෙ හදන්නේ
හැඩලයෙ බැදි පඩුරේ බලයෙන්නේ
නිවසට එන තුරු දෙවි රැක දෙන්නේ
  
මසකට දවසයි හිරු පායන්නේ
පඩි දින එන තුරු ඇඟිලි ගනින්නේ
පොඩි බඩු මල්ලක් හැඩලයෙ ඉන්නේ
ටොෆී දෙකක් මට නෑ වරදින්නේ
  






22 comments:

Unknown said...

මරු ඇ.. සුබපැතුම්.. දිගටම ලියන්න (Y)

Unknown said...

මරු අයියෙ..ලස්සනයි..සුබ පතනවා !!!

සමී said...

හරිම ලස්සනයි..අනාගතය බොහොම පැහැදිලියි! සුභ පැතුම් දිගු ගමනකට :)

නිහඬ ලෝකය said...

තැන්ක්ස් සමී මල්ලි උදව් වලට ගොඩක් පින් ^_^

නිහඬ ලෝකය said...

තැන්ක්ස් කොපිකැට් අයියෙ

නිහඬ ලෝකය said...

තැන්ක්ස් මල්ලියා ^_^

අරුණ හෙට්ටිආරච්චි said...

ජය වේවා.

අරුණ හෙට්ටිආරච්චි said...

උඹත් නිහඩ සිතුවිලිද? කියක් ඉන්නවද මංදා නිහඩ සිතුවිලි දැන්. නම මොකක් උනත් මොකෝ. ඔන්න ආයෙත් සුභ පැතුවා....

සුදු මහත්තයා said...

පසට බන්

Mr.Marvellous said...

Elz :)

Unknown said...

Ela thama drogo jayen jaya

නිහඬ ලෝකය said...

තාම නම වෙනස් කරනවා බන්
තාම ආරම්භය නේ එල මචං තන්කිව් කිව්වා !!!

නිහඬ ලෝකය said...

එල එල තැන්ක්ස් සුද්දා

නිහඬ ලෝකය said...

එලස් මචෝ

නිහඬ ලෝකය said...

එල එල විලිය (Y)

සමී said...

නම එෆ් බී නමම දාන්න.. මෙහෙමයි ගොඩක් අය තමන්ගෙ බ්ලොග් එකෙ නමින් නෙමෙ ලියන්නෙ..

උදාහරන - හිස් අහස ලියන්නෙ හිස් අහස කියල කෙනෙක් නෙමෙ සදරු කියල කෙනෙක්.. එතකොට රෙපාගෙ අම්බලම ලියන්නෙ රෙපාගෙ අම්බලම කියන කෙනා නෙමේ රෙපා..
ඒ උනාට තමන්ගෙ බ්ලොගේ නමින් ඉන්න අයත් ඉන්නවා මාතලන් ලියන්නෙ මාතලන්.. රත්ගමයා ලියන්නෙ රත්ගමයා..

ඉතින් උබ වෙනස් කරන්නම ඔනි කියල නිතියක් නෑ.. ඒත් මේ නමින් ඉන්නවනම් වෙනස් කරහං.. අනිත් උන්ට උබව පැටලෙනවට අකමැති නම් :)

අනන්තය Infinity,,,, said...
This comment has been removed by the author.
අනන්තය Infinity,,,, said...

රට පුරාම සන්වර්ධනයන් යාවේ......
ඒ එක්කම බඩු මල්ලේ රැස් දිස්වේ......
පාලකයා රජ කරවා රන් අසුනේ.......
අපි සේරම හිගා කමුද අධිවේගි පාරේ.....

නිහඬ ලෝකය said...

අපි සේරම හිඟා කමුද අධිවේගී පාරෙ
ලස්සනයි මචං

Unknown said...

එළ ඈ......... (y)

නිහඬ ලෝකය said...

එල මචං

නිහඬ ලෝකය said...

වෙනස් කළා සමී යෝ :)

Post a Comment

Newer Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments