~~දුවන මුවන්~~

                                       
මායිම් කොයිද අහසින් වට වෙලානිති
ඒ මුඩු කතර වැලි පමණය කිසිත්නැති
රෑ හිම, දවල් ගිනි පුලිගුය බිමෙහිඇති
නෑ වැහි වලාවක් වත් මෙහි පෙනෙනපැති
  
පිහිටයි කෙම් බිමක් පසෙකින් දියපිරුණු
මග අද ඇරී ඇත ඒ දෙසටමහැරුණු
දූවිලි පටල වැසුවොත් දොරටුවඇරුණු
යළි එහි පහස විදිනට කලකටනුහුණු
  
නිරතුරු මුවෝ දිව යති හැල්මේකතර
කොතැනක ඇරබුවද තරගය පයසතර
දන්නා එක මුවෙකුවත් කෝ මේඅතර
හති වැටුනාට එක සතෙකුත් නැතවැතිර
  
දහවල පිළිස්සෙන සම ගිනියම්අව්ව
රෑ යම සීත ගිම මදකටවත්නිව්ව
නැත නැවතුමක් මුවනට සැමවිටදිව්ව
වැලි කැට සමය කදුලැලි කතරමබිව්ව
  
වැඩි වී පිපාසය සිදිලා ලේනහර
මුව රැළ සොයති කොයිදැයි දියවරකතර
ළඟ ළඟ මවයි දිය කඳ මිරිගුවනිතර
ලොබ බැද දුවති එය පසුපස නොවනතර
  
කුර ගෙවුනාට කම් නැත දියවරඅන්න
සැමටම පළමු දුවලා මිරිගුවබොන්න
අන් ඇති මුවන් කොලහල අරඹාමෙන්න
මුග රැළ වග වලස් රෑනක් වීවැන්න
  
අතැඹුල ලෙසින් මුව පිරිසක්අතරමඟ
වැටහී මිරිඟුවක දියවරනොමැති වග
නුවණැති ඇසට පෙනිලා කෙම්බිමට මඟ
පියමන් කරති හෙමිහිට නැතකිසිම දඟ
  
"අත ළඟ පෙනෙන දියවර අතහැරදමන
කෙම් බිම කියා මායාවක් මෙහිසොයන"
අන් ඇති මුවෝ සිනහෙති ගෙන මෙමකරුණ
ඇත්තක් කියා මිරිඟුව වෙත තවදුවන
  
නතරව මුවන් සුළු පිරිසක්දෙමන්සල
ළතවෙයි කොයිබදද නිවැරදි ගිමන්හල
හරි මඟ ගිහින් මඟකදි එයඅතින් හල
තව පිරිසකුත් මිරිඟුවටමගමන් කල
  
පින ඇති මුවෝ කෙම් බිම වෙතසපැමිණෙති
දියවර සපිරි පොකුණෙහි බැසදිය කෙළිති
පවසම නිවා ගෙන පොකුණෙන්ගොඩට එති
ගමනට තිත තබා සැනසිලිසුව විදිති
  
යාලුවනේ මම දකින විදියට සංසාරය සත්වයා සහ නිවන යන කාරණා ගැන කියන්නයි ඕනේ උනේ..කොපමණ දුරට සාර්ථකද කියල ඔයාල කමෙන්ට් කරන්න හොඳේ...



16 comments:

Unknown said...

අපිත් දුවයි නොදනිම මිරිගුවක් පස.. :)

Unknown said...

නියමයි දොන්ගෝ අයිය ^_^

නිහඬ ලෝකය said...

හ්ම්ම් ඔව් බන් අපිත් මුවෝ ඇ :'(

නිහඬ ලෝකය said...

එල එල තැන්ක්ස් චූටි ^_^

Unknown said...

දූවිලි පටල වැසුවොත් දොරටුව ඇරුණු
යළි එහි පහස විදිනට කලකට නුහුණු
.
සූප්පර් ඈ..මරේ මරු..

සමී said...

අතිශය සාර්තකයි :)

"සංසාරය සත්වයා සහ නිවන "

අති විශිෂ්ටයි.................... තුමනි :)

Black Puma said...

සේරම ගානට තිතට

අපේ ලෝකය-අධ්‍යාපනික අඩවිය said...

hithanna godak dewal hangala...... niyamai

නිහඬ ලෝකය said...

වැහුනොත් ගොඩාක් කල් බලන් ඉන්න වෙයි :'(

නිහඬ ලෝකය said...

එල එල සමියා :)

නිහඬ ලෝකය said...

අනිවා මචං තැන්ක්ස්

නිහඬ ලෝකය said...

එල මචං තැන්ක්ස්

Science world said...

godak lassana kawi panthiyak,arthawath dewal hangala dala tynwa....me wage nirmana issarahatath karanna,jaya wewa

නිහඬ ලෝකය said...

එල එල තැන්ක්ස් වේවා :) :)

Unknown said...

මිරිගුවක් පසු පස දුවන මුව පොව්වෝ

නිහඬ ලෝකය said...

ඔව් පුංචි පැංචි :)

Post a Comment

Newer Post Older Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments