~ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා පුතේ~

               
ඉන්න බැහැ කියා අතු සතරේ බිලිං ගසේ
යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනා ඇසේ
කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල් රසේ
එන්න නම් එපා දිරු බෙනයට පැතුම් නැසේ
  
ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරා කුලේ
ඔලු නමා එපා ඉන්නට දොඩවනා රැලේ
තලු මරා උඹත් කාපන් ඒ බිලින් පලේ
දළු ලලා වැඩෙන තුරකට යමු අපිත් කැලේ
  
අතු මතින් ඉහල අත්තට යන රටා බලා
සිතු ලෙසින් බැයිද යන්නට කිමැයි නැවතිලා
රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ පළඳලා
පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව තනිකලා
  
වටු සියොත් රඟන රන්වන් කරල් බර කෙතේ
අටු පිටින් පුරා ගන්නට අපෙත් හිත ඇතේ
තටු සලන්න බැහැ සවියක් නැහැ පියාපතේ
ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා පුතේ
 


17 comments:

Unknown said...

එල ඈ.. උඹේ කවි ගැන අමුතුවෙන් මොනවා කියන්නද..?

නිහඬ ලෝකය said...

එල මචෝ ඇ ^_^

Unknown said...

නියමයි පට්ට :v ^_^ මටත් ආසයි බිලින් ගහට යන්න

නිහඬ ලෝකය said...

එන්න ඇවිත් මාලේ ගන්න මලේ

Unknown said...

parisaraya alalaa liyawuna sawndaryaathama adhas nam niyamayi. lassanata wasthaawa kawi karala thiyenawa drogo.. ela lassana kawiyak

නිහඬ ලෝකය said...

තැන්ක්ස් මචං එල එල (Y)

Unknown said...

එල ඩොගෝ දිගටම ලියන්න... :D :)

නිහඬ ලෝකය said...

එල තැන්ක්ස් ඇ :)

අරුණ හෙට්ටිආරච්චි said...

කවුද බං මේ අපේ අඹතලේ ගිරවද?

Black Puma said...

අඩේ ගිරව් බිලින් කනවාද?
පට්ටයි මචන් කවි ටික

සමී said...

අපේ Drogo Malli :)

සමී said...

කවි හදන්න උපන් හපන් ගිරවෙක් ඇවිත් :)

නිහඬ ලෝකය said...

හී හී නැ නැ බන් අඹතලේ නෙමේ

නිහඬ ලෝකය said...

ඔව් ඔව් බිලින් කනවා
තන්කිව් මචා ඇ

නිහඬ ලෝකය said...

මාල නැති ගිරවෙක් හී හී :)

Unknown said...

ලස්සනයි ගොඩාරියක්

නිහඬ ලෝකය said...

තැන්ක්ස් පැංචි

Post a Comment

Newer Post Older Post Home

බලපු ගණන...

Powered by Blogger.

ජනප්‍රිය ලිපි.....

මන් ගැන කියන එක මචන්ලගේ මචීලගේ වැඩක්

Followers


Recent Comments