ඉන්න බැහැ කියා අතු සතරේ බිලිං | ගසේ |
යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනා | ඇසේ |
කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල් | රසේ |
එන්න නම් එපා දිරු බෙනයට පැතුම් | නැසේ |
| |
ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරා | කුලේ |
ඔලු නමා එපා ඉන්නට දොඩවනා | රැලේ |
තලු මරා උඹත් කාපන් ඒ බිලින් | පලේ |
දළු ලලා වැඩෙන තුරකට යමු අපිත් | කැලේ |
| |
අතු මතින් ඉහල අත්තට යන රටා | බලා |
සිතු ලෙසින් බැයිද යන්නට කිමැයි | නැවතිලා |
රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ | පළඳලා |
පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව | තනිකලා |
| |
වටු සියොත් රඟන රන්වන් කරල් බර | කෙතේ |
අටු පිටින් පුරා ගන්නට අපෙත් හිත | ඇතේ |
තටු සලන්න බැහැ සවියක් නැහැ | පියාපතේ |
ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා | පුතේ |
|
|
17 comments:
එල ඈ.. උඹේ කවි ගැන අමුතුවෙන් මොනවා කියන්නද..?
එල මචෝ ඇ ^_^
නියමයි පට්ට :v ^_^ මටත් ආසයි බිලින් ගහට යන්න
එන්න ඇවිත් මාලේ ගන්න මලේ
parisaraya alalaa liyawuna sawndaryaathama adhas nam niyamayi. lassanata wasthaawa kawi karala thiyenawa drogo.. ela lassana kawiyak
තැන්ක්ස් මචං එල එල (Y)
එල ඩොගෝ දිගටම ලියන්න... :D :)
එල තැන්ක්ස් ඇ :)
කවුද බං මේ අපේ අඹතලේ ගිරවද?
අඩේ ගිරව් බිලින් කනවාද?
පට්ටයි මචන් කවි ටික
අපේ Drogo Malli :)
කවි හදන්න උපන් හපන් ගිරවෙක් ඇවිත් :)
හී හී නැ නැ බන් අඹතලේ නෙමේ
ඔව් ඔව් බිලින් කනවා
තන්කිව් මචා ඇ
මාල නැති ගිරවෙක් හී හී :)
ලස්සනයි ගොඩාරියක්
තැන්ක්ස් පැංචි
Post a Comment