| අම්මා නැගිට්ටට තව | නිදි නැගෙනහිර |
| බත් පත උයා කුකුළා | අඩලනට පෙර |
| මල්ලක කජු පොල්ල | කටුවද සිලි කවර |
| යන්නේ අලුත් අරගෙන | වැඩපලට දුර |
| |
| සිලි සිලි කවර ඉරලා | අත ඇඟිලි බැඳ |
| පොරවා දෙදන පහළට | බැංකුවක හිඳ |
| ගල මත විසුරුවා අලු | කජු තලන සඳ |
| විස කිරි මුහුණ සිඹිනට | උඩ පනිනවද |
| |
| තැලුවේ කජු උනත් හිත නිතරම | තැලිනි |
| ඉඳ හිට ලෙලි සමඟ මද කටුවට | ඇමිණි |
| කැඩුවා කියා අම්මට බැන ඒ | බැමිණි |
| දුන්නේ පඩිය රුපියල් සියයක් | පමණි |
| |
| කජු මාළුවට උරුමය නැති ලිපක් | තුළ |
| ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව | කළ |
| උයලා බත් පතක් සහ මැල්ලුමක් | කොළ |
| කිරි තැවරුණු අතින් කැව්වා ඉනුණි | කෙළ |
| |
| පොල් අතු සෙවිලි යාලත්තේ | මැටි පැලක |
| අම්මගෙ වාසගම කෙටුනා | කජු ගලක |
| බත් පත සැදූ දුප්පත් පොඩි | පැල්පතක |
| පින් බිම මෙයයි එය මට | විතරද මතක |
|
|
Recent Comments