
| මායිම් කොයිද අහසින් වට වෙලා | නිති |
| ඒ මුඩු කතර වැලි පමණය කිසිත් | නැති |
| රෑ හිම, දවල් ගිනි පුලිගුය බිමෙහි | ඇති |
| නෑ වැහි වලාවක් වත් මෙහි පෙනෙන | පැති |
| |
| පිහිටයි කෙම් බිමක් පසෙකින් දිය | පිරුණු |
| මග අද ඇරී ඇත ඒ දෙසටම | හැරුණු |
| දූවිලි පටල වැසුවොත් දොරටුව | ඇරුණු |
| යළි එහි පහස විදිනට කලකට | නුහුණු |
| |
| නිරතුරු මුවෝ දිව යති හැල්මේ | කතර |
| කොතැනක ඇරබුවද තරගය පය | සතර |
| දන්නා එක මුවෙකුවත් කෝ මේ | අතර |
| හති වැටුනාට එක සතෙකුත් නැත | වැතිර |
| |
| දහවල පිළිස්සෙන සම ගිනියම් | අව්ව |
| රෑ යම සීත ගිම මදකටවත් | නිව්ව |
| නැත නැවතුමක් මුවනට සැමවිට | දිව්ව |
| වැලි කැට සමය කදුලැලි කතරම | බිව්ව |
| |
| වැඩි වී පිපාසය සිදිලා ලේ | නහර |
| මුව රැළ සොයති කොයිදැයි දියවර | කතර |
| ළඟ ළඟ මවයි දිය කඳ මිරිගුව | නිතර |
| ලොබ බැද දුවති එය පසුපස නොව | නතර |
| |
| කුර ගෙවුනාට කම් නැත දියවර | අන්න |
| සැමටම පළමු දුවලා මිරිගුව | බොන්න |
| අන් ඇති මුවන් කොලහල අරඹා | මෙන්න |
| මුග රැළ වග වලස් රෑනක් වී | වැන්න |
| |
| අතැඹුල ලෙසින් මුව පිරිසක් | අතරමඟ |
| වැටහී මිරිඟුවක දියවර | නොමැති වග |
| නුවණැති ඇසට පෙනිලා කෙම් | බිමට මඟ |
| පියමන් කරති හෙමිහිට නැත | කිසිම දඟ |
| |
| "අත ළඟ පෙනෙන දියවර අතහැර | දමන |
| කෙම් බිම කියා මායාවක් මෙහි | සොයන" |
| අන් ඇති මුවෝ සිනහෙති ගෙන මෙම | කරුණ |
| ඇත්තක් කියා මිරිඟුව වෙත තව | දුවන |
| |
| නතරව මුවන් සුළු පිරිසක් | දෙමන්සල |
| ළතවෙයි කොයිබදද නිවැරදි | ගිමන්හල |
| හරි මඟ ගිහින් මඟකදි එය | අතින් හල |
| තව පිරිසකුත් මිරිඟුවටම | ගමන් කල |
| |
| පින ඇති මුවෝ කෙම් බිම වෙත | සපැමිණෙති |
| දියවර සපිරි පොකුණෙහි බැස | දිය කෙළිති |
| පවසම නිවා ගෙන පොකුණෙන් | ගොඩට එති |
| ගමනට තිත තබා සැනසිලි | සුව විදිති |
| |
යාලුවනේ මම දකින විදියට සංසාරය සත්වයා සහ නිවන යන කාරණා ගැන කියන්නයි ඕනේ උනේ..කොපමණ දුරට සාර්ථකද කියල ඔයාල කමෙන්ට් කරන්න හොඳේ...
Recent Comments