~~සුනාමිය~~
|
ගී සර දිදී වෙනදා එන වෙරළ | සොයා |
| සාගර ජලය ඈතින් ඈතටම | ගියා |
| මේ වරයක්ය ,දෙවි දුන් ,නත්තලට | කියා |
| ධීවර සෙනඟ සිතිජය අල්ලන්ට | ගියා |
| අපරදිගින් විත් සුදු අය කරන | දගේ |
| මධුර පාන ගෙන සමහරු පාන | රගේ |
| සයුර ගෙන ගියා,දැන් දොම්නසය | නැගේ |
| කවර අයද දැන සිටියේ, දවසෙ | වගේ |
| නිසසල සයුර වෙත එක්කල නිසා | විස |
| දළ රළ පෙළකි වෙනදා නැති පුදුම | උස |
| බලතල වැඩි කරන් ඇවිදින් රකුසු | ලෙස |
| සුල මුල සොයනු බැරි සේ පෙරලුවා | වෙස |
| ලෑලි ගෙවල බිත්තිද වහලයද | කඩා |
| පේළි පේළි ජීවිත කරමතට | වඩා |
| පීලි අඹරවා ගෙන දුම්රියද | කුඩා |
| සෝලි කළා සාගරයක්, නොමැති | විඩා |
| වෙරළෙහි කිලිටි සෝදන්නට ආපු | මෙනි |
| පෙරළෙයි මුහුද ඒ මේ අත | උමතුවෙනි |
| මනසෙහි කසල සෝදනු බැහැ සයුර | දනි |
| “මිනියෙහි ඇඟිලි කපලා රන් මුදුව | ගනි” |
| වෙනදා වෙරළෙ මින් රළ පෝලිමට | නිදි |
| හැරදා හුස්ම අද ධීවර සෙනඟ | ඉදි |
| පරදා කැලෑ නීතියෙ දුක සැවොම | විදි |
| නිරිඳා සමඟ යදියත් එක වලට | වදි |
| සිටු මාලිගා සහ පැල්පත් වෙරළ | දිග |
| නටුවෙන් ගිලිහි මල් සේ පාවෙනා | රඟ |
| පටු අදහස් ඇතිව ඇති නැති බේද | ළඟ |
| ඉටු වෙන දෙයක් කෝ ?තේරෙනවාද | වග |
| සොබා දහම අපගේ අංගයක් | කියා |
| ඔබා ඇඟිලි එය වෙනසක් කරනු | ගියා |
| හබා ඇවිත් දළ රළ පෙළ කඳුළ | තියා |
| "සොබා දහමෙ දරුවෝ ඔබ" කිය | ගියා |








Recent Comments